Watch : ඩු ප්ලෙසිස් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන Major League Cricket 2025 විස්සයි විස්ස තරගාවලියෙදී අග්‍රගණ්‍ය උඩ පන්දු රැක ගැනීමක් වාර්තා කිරීමට 40 හැවිරිදි ෆෆ් ඩු ප්ලෙසිස් සමත්වුණා.

අද (14) කැලිෆෝනියා හී පැවති තරගයකදී Mi New York කණ්ඩා‍යම නියෝජනය කරන මයිකල් බේස්වෙල් විසින් ලබාදුන් උඩ පන්දුවක් Texas Super Kings කණ්ඩා‍යම නියෝජනය කරන ෆෆ් ඩු ප්ලෙසිස් විසින් මේ ආකාරයෙන් උඩු ගුවනේ දී විශිෂ්ට අන්දමින් රැක ගැනීමටයි සමත් වුණේ.

මෙම තරගයේදී Texas Super Kings කණ්ඩා‍යම ප්‍රථමෙන් පන්දුවට පහර දී ලකුණු 185 ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය MI New York කණ්ඩා‍යමට නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 182 ක් පමණයි.

ඒ අනුව ඩු ප්ලෙසිස් නායකත්වය දරන Texas Super Kings කණ්ඩා‍යමට ලකුණු 3 ක තියුණු ජයග්‍රහනයක් හිමිවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...