Watch : එංගලන්ත-කොදෙව් තරගය අතරතුර පන්දුවක් වැදී පරෙවියෙකුට වෙච්ච දේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් තරග 3-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 40 කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 9 ක් දැවී ලකුණු 251 ක් රැස් කළා.

ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 70 ක් හා ගුඩකේෂ් මෝති ලකුණු 63 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 40ක් තුළදී තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ ඉලක්කය ලකුණු 246 ක්.

ඔවුන් එය පන්දුවාර 29.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී පසු කර ගියා.

ජෙමී ස්මිත් ලකුණු 64(28) ක් හා බෙන් ඩකට් ලකුණු 58(46) ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 44 යි. ජොස් බට්ලර් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තේ පන්දු 20 කින්.

මේ අතර, මෙම තරගයේදී කොදෙව්වන් පන්දුවට පහර දෙමින් සිටින අතරතුර පන්දුව පරෙවියෙකුගේ වැදීම නිසා සුළු වේලාවකට තරගය නතර කිරීමට සිදු වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...