Watch : අවසන් පන්දුවේ නාටකයෙන් නේපාලය තියුණු ජයක් ලැබූ හැටි

Date:

ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගය (ICC Men’s Cricket World Cup League 2) යටතේ පැවැති 73 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා තියුණු ජයක් වාර්තා කිරීමට නේපාලය පසුගියදා සමත් වුණා.

ස්කොට්ලන්තයේ Dundee හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 296 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය කඩුලු 9 ක් දැවී සිටියදී තරගයේ අවසන් පන්දුවේදීයි ජය හිමි කර ගත්තේ.

එම පන්දුවේදී ස්කොට්ලන්තය විසින් නේපාලයේ අවසන් කඩුල්ල දුවද්දී දවා ගැනීමක් ලෙස ලබා ගැනීමට සමත් වූ බවක් පළමුව දක්නට ලැබුණා. ස්කොට්ලන්ත ක්‍රීඩකයින් එම සතුට සමරන ආකාරයක් ද සජීවී දර්ශනවල සටහන්ව තිබුණා.

ඒ අනුව තරගය සුපිරි පන්දුවාරයක් කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරුණු නමුත්, දුවද්දී දවා ගැනීම එසේ සිදු වීමෙන් පසුව පන්දු යවන අන්තයේ සිටි විනිසුරු විසින් අදාළ පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සංඥා කිරීම කැපී පෙනුණා.

ඒ අනුව අවසන් පන්දුවේදී තරගය ජය ගැනීමට අවශ්‍ය වූ එක් ලකුණ නේපාලයට හිමි වීමත් සමග තරගයෙන් එක් කඩුල්ලක ජයක් නේපාලය සතු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...