Watch : සුපිරි හඹා යාමකින් පංජාබ් වසර 11 කට පසු අවසන් මහා තරගයට

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(2) අලුයම සමත් වුණා. ඒ, අවසන් වටයේ තෙවැනි තරගය වූ Qualifier 2 තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

වසර 11 කට පසුවයි පංජාබ් කණ්ඩායමක් අයි.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබා ගත්තේ. මීට පෙර ඔවුන් 2014 වසරේදී පමණක් අයි.පී.එල් අවසන් තරගයකට සුදුසුකම් ලබා තිබූ අතර, එම තරගාවලියේදී ඔවුන් අනුශූරතාවය හිමි කර ගත්තා.

වර්ෂාව නිසා ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමෙන් ලබා දුන් ලකුණු 204 ක දැවැන්ත ඉලක්කය පංජාබ් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී සිටියදී පසු කර ගියා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂ්රෙයස් අයියර් පන්දු 41 කින් නොදැවී ලකුණු 87 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. පසුගිය වසරේදී කොල්කටා කණ්ඩායම ශූරතාවය හිමි කර ගත්තේ ද ෂ්රෙයස් අයියර්ගේ නායකත්වයෙන්.

එමෙන්ම 2020 අයි.පී.එල් තරගාවලියේදී ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන යාමට අයියර්ට හැකි වුණා. ඒ අනුව අයි.පී.එල් කණ්ඩායම් 3ක් අවසන් තරගය සදහා රැගෙන ගිය පළමු නායකයා ලෙසයි අයියර් වාර්තා අතරට එක් වුණේ.

19 වැනි පන්දුවාරය ආරම්භ කරන විට පංජාබ් කණ්ඩායමට ජයග්‍රහනය සදහා පන්දු 12 කින් ලකුණු 23 ක් ලබා ගත යුතුව තිබූ නමුත්, අශ්වානී කුමාර් යොමු කළ එම පන්දුවාරයේදී හයේ පහර 4 ක් එල්ල කිරීමට අයියර් සමත් වුණා. නිපන්දුවක් හා වයිඩ් ලකුණක් ද සමග එම පන්දුවාරයේදී ලකුණු 26 ක් වාර්තාවීමත් සමග තරගයෙන් අනර්ඝ ජයක් වාර්තා කිරීමට පංජාබ් පිලට හැකි වුණා.(දර්ශන පහතින්)

නෙහාල් වදේරා පන්දු 29 කින් ලකුණු 48 ක් ලබා ගත්තා. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු ලකුණු 38(21) යි. පන්දු යැවීමේදී අශ්වානී කුමාර් ලකුණු 55 කට කඩුලු දෙකක් දවා ගත්තා.

IPL අවසන් වටයේ තරගයක් ජය ගැනීම සදහා කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ද මෙම තරගයේදී පංජාබ් කණ්ඩායම හඹා ගිය ලකුණු 204 ඉතිහාසයට එක් වුණා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් තිලක් වර්මා හා සූර්යකුමාර් යාදව් ලකුණු 44 බැගින් රැස් කළා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 38 යි. නාමන් ධීර් ලකුණු 37 කට දැවී ගියා.

පන්දු යැවීමේදී අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 43 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

ඒ අනුව හෙට(3) පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහා තරගයේදී පංජාබ් කණ්ඩායම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් කිසිදු අයි.පී.එල් ශූරතාවයක් දිනා නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...