ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ සිට ක්‍රිකට් නීති පොත වෙනස් වෙයි

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තරග සදහා නව නීති රීති කිහිපයක් පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙම නව නීති ජූනි මාසයේ සිට ටෙස්ට් තරග සදහාත්, ජූලි මාසයේ සිට සුදු පන්දු තරග සදහාත් බලපැවැත්වෙන බවයි අයි.සී.සීය සාමාජික රටවල් වෙත දන්වා ඇත්තේ.

මේ වන විට එක්දින තරගවල එක් ඉනිමක් සදහා ආරම්භයේ සිට යොදා ගන්නා අලුත් පන්දු දෙකට අදාළ නීතිය සංශෝදනය කර තිබෙනවා.

 

නව නීතියට අනුව එක් ඉනිමක් ආරම්භයේ සිට පන්දුවාර 34 ක් අවසන් වන තුරු පමණක් පන්දු දෙකක් අන්ත දෙකෙන් යොදා ගැනීමට නියමිතයි.

35 වන පන්දුවාරය ආරම්භයේ සිට ඉනිම අවසන් වන තුරු අන්ත දෙකෙන්ම භාවිතයට ගැනීමට නියමිතව ඇත්තේ එක් පන්දුවක් පමණයි. ඒ අනුව පන්දුවාර 34 ක් වන තුරු භාවිතා කළ එක් පන්දුවක් ඉවත් කිරීම සිදු කෙරෙනවා. අවසන් පන්දුවාර 16 සදහා යොදා ගනු ලබන්නේ කුමන පන්දුව ද යන්න පන්දු යවන කණ්ඩායම විසින් තීරණය කරනු ඇති.

‘reverse swing’ පන්දු යැවීමට පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණ ඇතිව මෙම නීතිය ගෙන ඒමට අයි.සී.සීය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ක්‍රීඩකයෙකු කම්පන තත්ත්වයකට (concussion) පත්වීම හේතුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට කටයුතු කරන ක්‍රමවේදයට අදාළ නීතිවලට ද සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව නව ‘concussion rules’ අනුව තරගයක් ආරම්භ වීමට පෙර තරග තීරකවරයා වෙත කණ්ඩායම් දෙක විසින් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ නම් ලබා දිය යුතුයි.

එනම් එක් කඩුලු රකින්නෙකු, එක් පිතිකරුවෙකු, එක් වේග පන්දු යවන්නෙකු, එක් දග පන්දු යවන්නෙකු හා එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ නම් භාර දිය යුතුයි.

කම්පන තත්ත්වයක් නිසා ක්‍රීඩක ආදේශක කිරීමක් සිදු වන්නේ නම් එම අතිරේක ක්‍රීඩකයින් අතරින් ගැළපෙන ක්‍රීඩකයා ( like-for-like) තෝරා ගෙන ආදේශ කිරීම සිදු කරනු ඇති.

ජූනි 11 වැනිදා ආරම්භ වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට නව නීති වලංගු වන්නේ නැහැ. ජූනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වන  ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සිටයි නව නීති බලාත්මක වන්නේ.

සීමිත පන්දුවාර තරග සදහා පනවා ඇති නව නීති ද ජූලි මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින හා විස්සයි 20 තරගාවලිවල සිට බලාත්මක වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...