හතුරුසිංහට එරෙහිව ගත් තීරණය නිසා බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කා මුල් පුටුවෙන් නෙරපයි

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අමිනුල් ඉස්ලාම් පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ෆරුක් අහ්මඩ් සභාපති තනතුරෙන් ඉවත් කිරීමත් සමග පුරප්පාඩු වූ ධූරය සදහායි.

එරට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ෆරුක් අහ්මඩ් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිය නියෝජිත ධූරයෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණයත් සමගයි ඔහුට සභාපතිධූරය ද අහිමි වුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරු 8 දෙනෙකු විසින් අත්සන් කරන ලද සභාපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලබා දීමෙන් අනතුරුව අමාත්‍යංශය විසින් එම පියවර ගෙන තිබුණා.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත එරට ක්‍රීඩා අමාත්‍යංශය විසින් නියෝජිතයින් දෙදෙනෙකු නම් කර තිබූ අතර, ඉන් එක් අයෙකු වූයේ ෆරුක් අහ්මඩ්.

අගෝස්තු 21 වැනිදා ඔහුව එලෙස නියෝජිතයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, එදිනම ඔහු සභාපති ධූරයට ද පත් වුණා. කෙසේ වෙතත්, ඔහුගේ ධූර කාලය සීමා වුණේ මාස 9 ක පමණ කාලයකට පමණයි.

ඒකාධිපති නායකයෙකු ලෙස පාලන කටයුතු සිදු කරන බවටත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු සිදු කරන බවටත් ෆරුක්ට එරෙහිව චෝදනා එල්ල වුණා.

පුහුණුකරුවන් බඳවා ගැනීම හෝ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඒ සදහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවේ 14-B වගන්තියේ සදහන්ව තිබෙනවා.

කෙසේ වෙතත්, එවන් පසුබිමක අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දීමකින් තොරව ෆරුක් විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ද ඔහුට විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.

ඩකාහීදී පැවැති ක්‍රිකට් ආයතනයේ රැස්වීමකදී පත් කෙරුණු නව සභාපති අමිනුල් ඉස්ලාම් බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වනවා.

1999 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනු ලැබුවේද ඔහු විසිනුයි. බංග්ලාදේශය වෙනුවෙන් පළමු ටෙස්ට් ශතකය රැස් කළේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...