RCB දෙවැනි තැනට – IPL අවසන් ප්‍රසාද ලකුණු සටහන හා playoffs තරග කාලසටහන මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අගහරුවාදා (27) සමත් වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 70 වැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු හයක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.

රිෂාබ් පන්ට් නොදැවී ලකුණු 118 ක් රැස් කළේ පන්දු 61 කින්. ඒ, හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්. පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 26 කට කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු පිල පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම කැපී පෙනුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජිටේෂ් ෂර්මා පන්දු 33 කින් නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තේ හයේ පහර හයක් හා හතරේ පහර 8ක් සමගින්. විරාත් කෝලි ලකුණූ 54(30) යි.

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය සදහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත් පංජාබ් කිංග්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානය හිමි කර ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම එළඹෙන 29 වැනිදා මුල්ලන්පූර්හීදී තරග වැදීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ එළඹෙන 30 වැනිදායි. එම තරගය සදහා ගුජරාට් ටයිටන්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...