Watch : සුපිරි පහරකින් වාර්තා වූ රිෂාබ් පන්ට්ගේ ශතකය හා සුපිරි සැමරුම

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 70 වැනි තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් නායක රිෂාබ් පන්ට් අද(27) සමත් වුණා.

අද පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.

රිෂාබ් පන්ට් නොදැවී ලකුණු 118 ක් රැස් කළේ පන්දු 61 කින්. ඒ, හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

ඔහු ශතකය වාර්තා කිරීමට එල්ල කළ අලංකාර පහරත්, අනතුරුව එය සැමරූ ආකාරයත් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...