කුසල්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ තියුණු සටනකින් පසු ලාහෝර් PSL ශූරතාවය දිනයි (දර්ශන සහිතයි)

Date:

කුසල් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හීදී පැවැති අවසන් තරගයේදී ඔවුන් හමුවේ කඩුලු හයකින් පරාජයට පත් වූයේ Quetta Gladiators කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් Gladiators පිල කඩුලු 9 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර, එහිදී හසාන් නවාස් ලකුණු 76 (43) ක් රැස් කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29(22) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 22(13) ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 24 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Qalandars කණ්ඩායම තරගය නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ අංක 4 පිතිකරු කුසල් පෙරේරා පන්දු 31 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් නොදැවී ලබා ගත්තා. භානුක රාජපක්ෂ ලකුණු 14(16) යි.

එංගලන්තයේ පැවැති ටෙස්ට් තරගය නිමා වී මෙම තරගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණි සිකන්ඩ රාසා පන්දු 7කින් නොදැවී ලකුණු 22 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 2 බැගින් ඇතුළත්.

රාසා මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු 10 කට පමණ පෙරයි පාකිස්තානයට පැමිණ තිබුණේ.

අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ කුසල් පෙරේරා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...