Watch : මාලිංගගෙන් යළිත් විශිෂ්ඨ දක්ෂතාවයක් – දවා ගත් කඩුලු 3 මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 68 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 110 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(25) සමත් වුණා.

දිල්ලිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණ කළා. එය අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

වේගවත් ශතකයක් වාර්තා කළ හෙන්රික් ක්ලාසන් පන්දු 39 කින් ලකුණු 105 ක් නොදැවී රැස් කළේ හයේ පහර 9 ක් හා හතරේ පහර 7 ක් සමගින්. ට්‍රැවිස් හෙඩ් පන්දු 40 කින් ලකුණු 76 ක් ලබා ගත්තා. හයේ පහර හයක් හා හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී සුනිල් නරායන් ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිලට පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.

මනීෂ් පාන්ඩේ ලකුණු 37 ක් රැස් කළ අතර, හර්ෂිත් රානා ලකුණු 34 යි.

පන්දු යැවීමේදී ඒෂාන් මාලිංග ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තේ පන්දුවාර 3.2 ක් තුළදීයි. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ක්වෙන්ටන් ඩී කොක්, අන්ක්‍රිෂ් රගුවන්ෂි හා හර්ෂිත් රානා.

ජයිදේව් උනඩ්කට් හා හාර්ෂ් ඩූබේ ද කඩුලු 3 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...