මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ගැන තීරණයක් ගනියි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශය සමග ජූනි 17 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසුව තමන් ටෙස්ට් පිටියට සමු දෙන බවයි මැතිව්ස් සදහන් කළේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව නිවේදනය කළා.

නමුත්, තමන් තවදුරටත් සීමිත පන්දුවාර පිටියේ රැදී සිටින බවත්, අවශ්‍ය අවස්ථාවක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම් බවත් මැතිව්ස් පෙන්වා දෙනවා.

මේ වන විට 37 වන වියේ පසුවන මැතිව්ස් 2009 වසරේදීයි ටෙස්ට් පිටියට පිවිසියේ.

මේ දක්වා ටෙස්ට් තරග 118 කදී ඔහු ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 8,167 ක්.

ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 44.62 ක් ලෙසයි. ශතක 16 ක් හා අර්ධ ශතක 45 ක් මැතිව්ස්ගේ 17 වසරක ටෙස්ට් දිවිය වර්ණවත් කළා. ටෙස්ට් පිටියේදී ඔහු කඩුලු 33 ක් ද දවා ගෙන තිබෙනවා.

මැතිව්ස් ට්විටර් ගිණුමේ තබා ඇති සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...