භානුක හා කුසල් ලාහෝර් පිලට ජය ගෙනෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයෙන් Karachi Kings කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට Lahore කණ්ඩායම සමත් වුණා.

ලාහෝර් හී ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමෙන් පන්දුවට පහරදුන් Karachi Kings කණ්ඩා‍යම කඩුලු 8 ක් බිඳවැටී රැස්කල ලකුනු සංක්‍යව 190 ක්.

ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වු ඩේවිඩ් වෝනර් පන්දු 52 කට මුහුණ දෙමින් ලකුනු 72 ක් රැස්කල අතර කුශ්දිල් ශාහ් නොදැවී ලකුනු 27(14) ක් රැස්කලා.

පන්දුයැවීමේදී ලකුනු 35 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට හැරිස් රාවුෆ් සමත්වුනා.

ඉන් අනතුරුව ලකුනු 191 ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි Lahore Qalanders කණ්ඩායම ඉනිමේ 19 වන පන්දුවාරයේ පන්දු 2 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහනය වාර්තා කලා.

අනර්ඝ ඉනිමක් දියත් කල අබ්දුල්ලා සාෆික් ලකුනු 65(35) ක් රැස්කලා. ෆකාර් සමාන් ලකුනු 47(28) යි. කුසල් පෙරාරා ලකුනු 30(24) ක් ලබාසිටියදී දැවීගිය අතර වේගවත් නොබිඳුනු ඉනිමක නියැලුන භානුක රාජපක්ෂ පන්දු 12 ක් තුල ලකුනු 23 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මෙවර PSL තරගාවලියේ එක් කණ්ඩායමක් ( Quetta Gladiators ) මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් සමග තරග වදින අනෙක් කණ්ඩායම තීරණය කිරීම සඳහා Qualifier 2 තරගය අද රාත්‍රී 8.00 ට ගඩාෆි ක්‍රීඩාංගණයේදී Islamabad United සහා Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...