RCB සංචිතයට ප්‍රබල වෙනසක් – කෝටි ගණනක ගිවිසුමකට නවසීලන්ත ක්‍රීඩකයෙකු ආදේශ කෙරේ

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නවසීලන්තයේ ටිම් සයිෆර්ට් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කරන එංගලන්තයේ ජේකබ් බෙතෙල් මැයි 24 වැනිදා යළි සිය රට බලා පිටත්ව යාමට නියමිතව ඇති බැවින්.

RCB කණ්ඩායම මැයි 23 වැනිදා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග තරගයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් අනතුරුවයි බෙතෙල් එංගලන්ත ජාතික සංචිතය සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වන්නේ.

ඒ අනුව මේ වන විට සිදු කර ඇති ක්‍රීඩක ආදේශ කිරීම මැයි 24 වැනිදා සිට බලාත්මක වනවා.

ඉන්දීය රුපියල් කෝටි දෙකක ගිවිසුමක් යටතේයි ටිම් සයිෆර්ට් RCB පිල සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

සයිෆර්ට් නවසීලන්තය වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග 66 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,540 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...