ආචර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

දකුණු මාපටැඟිල්ලේ සිදුව ඇති ආබාධයක් හේතුවෙනුයි ඔහුට එම තරගාවලිය අහිමි වී ඇත්තේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය 4 වැනිදා ක්‍රීඩා කළ තරගයේදීයි ආචර් එම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු වෙනුවට ලුක් වුඩ් එක්දින සංචිතයට ආදේශ කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මැයි 29, ජූනි 1 හා ජූනි 3 එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...