Watch : රිෂාබ් පන්ට් දවා ගන්න මාලිංග රැක ගත් සුපිරි උඩ පන්දුවට ලක්නව් හිමිකරු දැක් වූ ප්‍රතිචාරය

Date:

IPL තරගාවලියේ 61 වැනි තරගයේදී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග අද(19) සමත් වුණා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

ලක්නව් නායක රිෂාබ් පාන්ට් ලකුණු 7කට දවා ගැනීම සදහා ඒෂාන් විසින් එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ ඔහු විසින්ම යොමු කළ පන්දුවක් හමුවේයි.

මෙම තරගයේදී ඒෂාන් පන්දුවාර 4 තුළ ලකුණු 28 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්. (රැක ගත් උඩ පන්දුවේ දර්ශන පහතින්)

රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 ක වාර්තාගත මිලකට මෙවර තරගාවලිය වෙනුවෙන් ලක්නව් පිල මිලදී ගත් නමුත්, තරගාවලිය පුරා ඔහු තරග 12 කදී ලබා ගෙන ඇත්තේ ලකුණු 135 ක් පමණයි. පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 12.27 ක් ලෙසයි.

අද තරගයේදී ඔහුගේ දැවී යාමෙන් පසුව ලක්නව් කණ්ඩායමේ හිමිකරු Sanjiv Goenka ඊට දැක් වූ ප්‍රතිචාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් ද දක්නට ලැබෙනවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...