මෙන්ඩිස්ගේ IPL ගිවිසුමේ වටිනාකම මෙන්න ; ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් PSL පිටියටත්

Date:

ඉන්දු-පාකිස්තාන යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය අනිද්දා(17) දිනයේදී යළි ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් මේ වන විට විවිධ ක්‍රීඩකයින් සිය සංචිතවලට ආදේශ කර ගනිමින් සිටිනවා.

ඇතැම් ක්‍රීඩකයින්ට ඉතිරි තරග සදහා එක්වීමට නොහැකිව ඇති බැවින් මෙලෙස ක්‍රීඩකයින් ආදේශ කිරීම සිදු කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සංචිත සදහා එක් කර ගැනීමට ඇතැම් කණ්ඩායම් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් මේ වන විට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග එක්ව ඇත්තේ ජොස් බට්ලර් වෙනුවටයි. අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග වෙනුවෙන් මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

මෙන්ඩිස් පසුගිය සතියේදීත් Quetta Gladiators නියෝජනය කරමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, ආරක්ෂක ගැටලු හේතුවෙන් ඔහු පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග වෙනුවෙන් පාකිස්තානයට පිටත්ව යන්නේ නැහැ. මෙන්ඩිස් අයි.පී.එල් තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකට, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 261 ක පමණ මුදලකට ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

මැයි 29 වැනිදා එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ආරම්භ වන එක්දින තරගාවලිය සදහා බට්ලර් නම් කර තිබීම හේතුවෙනුයි එදින සිට ආරම්භ වීමට නියමිත අයි.පී.එල් අවසන් වටයේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව ඇත්තේ.

අයි.පී.එල් ප්‍රසාද ලකුණු සටහනට අනුව මේ වන විට ටයිටන්ස් පිල පළමු ස්ථානයේ රැදී සිටින අතර, ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවශ්‍ය වන්නේ තවත් එක් ජයග්‍රහනයක් පමණයි.

මේ අතර, පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් භානුක රාජපක්ෂට හිමිව තිබෙනවා. ඒ, ඔහු Lahore Qalandars කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමත් සමගයි.

ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ ටොම් කරන් වෙනුවට භානුක එම සංචිතය සමග එක්ව තිබෙනවා.

එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු හා දිනේෂ් චන්දිමාල් ද Quetta Gladiators සංචිතය සමග ගිවිසුම්ගතව ඇති බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...