WTC ශූරයින්ට කෝටි සිය ගණනක ත්‍යාගයක්, ශ්‍රී ලංකාවටත් සුපිරි තෑග්ගක්

Date:

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට, අනූශූරයින්ට හා සෙසු ස්ථාන දිනා ගත් රටවල් වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(15) නිවේදනය කළා.

ඊට අනුව ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දකුණු අප්‍රිකා-ඔස්ට්‍රේලියා අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.6 (USD $3.6 million) ක ත්‍යාග මුදලක් හිමි වීමට නියමිතයි. එහි වටිනාමක ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 107 ක් පමණ වනවා.

2021 හා 2023 අදියර ජය ගත් කණ්ඩායම්වලට හිමි වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 බැගින් පමණයි.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට මෙවර ඩොලර් මිලියන 2.16 ක (USD $2.16 million) ත්‍යාග මුදලක් හිමි වීමට නියමිතයි. මීට පෙර අනුශූරයින්ට හිමි වූ ත්‍යාග මුදල ඩොලර් 800,000 ක්.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හිමි කර ගත්තේ හය වැනි ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් 840,000 ක ත්‍යාග මුදලක් හිමි වන බවයි අයි.සී.සීය නිවේදනය කළේ. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 ක පමණ අගයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...