IPL සමග ගැටෙමින් PSL යළි ඇරඹෙන දිනය නිවේදනය කෙරේ

Date:

ඉන්දියාව හා පාකිස්තාන අතර ඇති වූ යුද උණුසුම හේතුවෙන් තාවකාලිකව අත්හිටු වූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මැයි 17 වැනිදා සිට පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

නමුත්, තරගාවලියේ ඉතිරි තරග අටට අදාළ තරග කාලසටහන හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිළිබද තොරතුරු මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

තරගාවලියේ ඉතිරි තරග පාකිස්තානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තරගාවලියේ සංවිධායකයින් හා කණ්ඩායම් බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සදුදා දිනයේදී පවත්වා තිබූ අතර, එහිදී ඉතිරි තරග පැවැත්වෙන ක්‍රීඩාංගන හා දින සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.

ඉතිරි තරග 8 වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් යළි ගෙන්වා ගැනීම බොහෝ කණ්ඩායම් මුහුණ දෙන ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

ඉන්දු-පාකිස්තාන යුද උණුසුම හමුවේ තාවකාලිකව අත්හිටුවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ලබන 17 වැනිදා යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති පසුබිමකයි පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද යළි එදිනම ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...