ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ගැටුමට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණ දී සිටි කැමරන් ග්‍රීන් හා සෑම් කොන්ස්ටස් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. මැට් කුහ්නෙමන් ද සංචිතයේ ස්ථානය රැක ගෙන තිබෙනවා.

අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරන සංචිතයම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා ද නම් කර තිබෙනවා.

අවසන් තරගයෙන් දින 10 කට පසුවයි Barbados, Grenada හා Jamaica හීදී කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් තරග පැවැත්වෙන්නේ.

දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Australia squad for WTC final:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Matt Kuhnemann, Marnus Labuschagne, Nathan Lyon, Steve Smith, Mitchell Starc, Beau Webster.

Travelling reserve: Brendan Doggett

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...