නුරුල් හසාන්ට උතුර දකුණ මාරු වෙයි… ස්ථානය මාරු වෙලා වෙච්චි වින්නැහියක්

Date:

බංග්ලාදේශ ඒ කණ්ඩායම හා නවසීලන්ත ඒ කණ්ඩායම අතර සිලෙට්හීදී පැවැති තෙවැනි එක්දින තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් දැක ගත හැකි වුණා.

තරගයේ නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වන අතරවාරයේදී එක් අවස්ථාවක බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක හා නායක නුරුල් හසාන් කඩුලු රකින ස්ථානයේ රැදී නොසිට පළමු ස්ලිප් කලාපයේ රැදී සිටීම විශේෂත්වයක්.

ඉනිමේ පස්වැනි පන්දුවාරය එබඩොට් හොසේන් විසින් යොමු කළ අතර, පස්වැනි පන්දුව Rhys Mairu විසින් නිදැල්ලේ හැරීමට කටයුතු කළා.

එම අවස්ථාවේදී පන්දුව රැක ගැනීම සදහා කඩුලු රකින්නා නිසි ස්ථානයේ රැදී නොසිටි බැවින් පන්දුව එම ස්ථානයේ ස්ථානගත කර තිබූ හිස් ආවරණයක වදින ආකාරයක් දැක ගත හැකි වුණා.

ඒ හේතුවෙන් දඩුවම් ලකුණු පහක් නවසීලන්තයට පිරිනැමීමටයි විනිසුරු කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...