කෝලි ටෙස්ට් පිටියට සමු දීමට සූදානම්

Date:

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තමන්ට අවශ්‍ය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, ජූනි 20 වැනිදා එංගලන්තයේදී තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි.

මාසයක පමණ කාලයක් තිස්සේ විරාත් කෝලි සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු මේ දක්වා වසර 14 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැදී සිට ඇති අතර, එහිදී ඔහු තරග 123 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 9,230 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 46.85 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ඔහු පසුගිය කාලයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියේදී සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේ නැහැ.

කෝලි ටෙස්ට් තරග 68 කදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ද ලබා දුන් අතර, ඉන් තරග 40 ක් ඉන්දියාව ජය ගත්තා. පරාජයට පත් වූ තරග ගණන 17 ක්. ඒ අනුව කෝලි ඉතිහාසගතව ඇත්තේ ඉන්දියාව බිහි කළ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙසයි.

පසුගියදා ඉන්දීය නායක රෝහිත් ෂර්මා ද ටෙස්ට් පිටියට සමු දීමට තීරණය කළ පසුබිමක කෝලි ද මෙලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බවට සදහන් කර තිබීම විශේෂත්වයක්.

ෂර්මාගේ විශ්‍රාම ගැනීම නිසා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී ඉන්දියාවට නව නායකයෙකු සමග තරග වැදීමට සිදු වනවා. බොහෝ විට ඉන්දීය කණ්ඩායම ෂුබ්මන් ගිල් විසින් මෙහෙයවීමට ඉඩ ඇති බව සදහන්.

නිමා වූ ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී ආර්. අශ්වින් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...