2028 වසරේ සිට IPL තරගාවලියට ප්‍රබල වෙනසක්?

Date:

2028 වසරේ සිට අයි.පී.එල් තරග වාරයක තරග සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, නුදුරු අනාගතයේදී තවත් කණ්ඩායම් තරගාවලියට ඇතුළත් කිරීම සදහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව නැහැ.

ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් තරගාවලියට ඇතුළත් කිරීමත් සමග අයි.පී.එල් තරග වාරයකට ඇතුළත් තරග ගණන 2022 වසරේ සිට 60 සිට 74 ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගත්තා.

2025 තරගාවලියට තරග 84 ක් ඇතුළත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ නමුත්, එය පසුව කල් දැමුණා.

ඒ, එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින වැඩි වශයෙන් තරගාවලියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විකාශන සමාගම් අකමැත්ත පල කිරීමත්, තරග කාලසටහන සකස් කිරීමේ අර්බුදයත් හේතුවෙන්.

නමුත්, අයි.පී.එල් සභාපති අරුන් ධුමාල් පෙන්වා දෙන්නේ 2028 වසරේ සිට ආරම්භ වන නව මාධ්‍ය හිමිකම් චක්‍රයේදී එක් තරගාවලියක තරග ගණන 94 ක් දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු කරන බවයි.

එහිදී සෑම කණ්ඩායමකටම සෙසු සියලු කණ්ඩායම්වලට එරෙහිව සිය සත්කාරක ක්‍රීඩාංගනයේදී හා සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේදී තරග වැදීමට අවස්ථාව උදා වනවා.

කෙසේ වෙතත්, ඒ සදහා තරගාවලියේ තරග කාලසටහනට තවත් අමතර සති දෙකක කාලයක් ඇතුළත් කිරීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...