තුන්කොන් තරගාවලියට සියල්ල සූදානම්

Date:

ශ්‍රී ලංකා, ඉන්දීය හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් ක්‍රීඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(27) ආරම්භ වනවා.

පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර, එම තරගය පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය මැයි දෙවැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවත්, තෙවැනි තරගය මැයි 4 වැනිදා ඉන්දියාවට එරෙහිවත්, සිව්වැනි තරගය මැයි 9 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවත් පැවැත්විමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ලබන 11 වැනිදායි.

තරගාවලියේ ශූරතා කුසලානය එළිදැක්වීමේ අවස්ථාව හා නිල මාධ්‍ය හමුව අද කොළඹදී පැවැත්වුණා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කියා සිටියේ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට ලැබීම අතිශය ප්‍රයෝජනවත් වන බවයි.

දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ්ට්ගේ 26 වැනි උපන් දිනය ද අද දිනයට යෙදී තිබූ අතර, ඇය ශ්‍රී ලංකා නායිකාව හා ඉන්දීය නායිකාව සමග එක්ව ප්‍රේමාදාස ක්‍රීඩාංගනයේදී උපන් දිනය සැමරීම ද විශේෂත්වයක්.

මේ අතර, මෙම තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 17 දෙනෙකු ඇතුළත්. එම සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනා නොමැති ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ද නම් කර තිබෙනවා. එනම් මල්කි මදාරා, දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි හා පියුමි වත්සලා යන ක්‍රීඩිකාවන්.

ඉනෝකා රණවීර, හසිනි පෙරේරා හා හන්සිමා කරුණාරත්න යළි සංචිතයට කැදවා ඇත්තේ ඉමේෂා දුලානි, සචිනි නිසංසලා, කෞෂිණී නුත්‍යංගනා, චේතනා විමුක්ති හා ආබාධයට ලක්ව සිටින උදේශිකා ප්‍රබෝදනී සංචිතයෙන් ඉවත් කරමින්.

Sri Lanka squad for women’s ODI tri-series

Chamari Athapaththu (c), Harshitha Samarawickrama, Vishmi Gunaratne, Nilakshika Silva, Kavisha Dilhari, Anushka Sanjeewani (wk), Manudi Nanayakkara, Hasini Perera, Achini Kulasuriya, Piumi Badalge, Dewmi Vihanga, Hansima Karunaratne, Malki Madara, Inoshi Priyadarshini, Sugandika Kumari, Rashmika Sewwandi, Inoka Ranaweera

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...