Watch : පිතිකරුගේ තීරණය වරදියි – ඉෂාන් කිෂන්ගේ නොදැවුණු දැවී යාම මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගයේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු ඉෂාන් කිෂන් නොදැවුණ දැවී යාමකට දැවී ගිය පිතිකරුවෙකු ලෙස සිතා පිටියෙන් ඉවත් වීමට තීරණය කිරීම අද(23) දිනයේදී ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට වුණා.

හයිදරාබාද්හීදී ආරම්භ වූ මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මුම්බායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් පිල කඩුලු 8 ක් දැවී පන්දුවාර 20 තුළ ලබා ගත්තේ ලකුණු 143 ක් පමණයි.

අංක 3 පිතිකරු වූ ඉෂාන් කිෂන් එක් ලකුණකට දැවී ගියේ දෙවැනි කඩුල්ල ලෙසයි. දීපක් චහාර් යොමු කළ පන්දුවකට ඔහු පහරක් එල්ල කිරීමට තැත් කළ නමුත්, පිත්තේ නොවැදුණු පන්දුව වයිඩ් පන්දුවක් ලෙස කඩුලු රකින්නා වෙත ඇදී ගියා.

එම අවස්ථාවේදී පන්දු යවන්නා හෝ කඩුලු රකින්නා විසින් පිතිකරු දැවී ගිය අයෙකු ලෙස නම් කරන්නැයි විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු නොකළ නමුත්, ඉෂාන් කිෂන් තමන් දැවී ගිය අයෙකු ලෙස සිතා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

නමුත්, විනිසුරු විසින් එය වයිඩ් පන්දුවක් ලෙස නම් කරන ආකාරය දුටු ඉෂාන් යළි සිය සීමා ඉර කරා පැමිණෙන ආකාරයක් දැක ගත හැකි වුණා.

නමුත්, එහිදී පිතිකරු විසින්ම තමන් දැවී ගිය අයෙකු ලෙස තීරණය කර ඇති බව නිරීක්ෂණය කළ විනිසුරු වහාම සිය තීරණය සංශෝදනය කරමින් ඉෂාන් දැවී ගිය අයෙකු ලෙස නම් කළා.

අනතුරුව ඉෂාන් කිෂන් ක්‍රීඩක විවේකාගාරය බලා පිටත්ව ගිය අතර, මුම්බායි ක්‍රීඩකයින් ද ඔහු අසළට පැමිණ ඔහු ගත් තීරණයට ආචාර දක්වන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, පුනරූපන නැරඹීමේදී Ultra Edge තාක්ෂණය ඔස්සේ එම පන්දුව පිත්තේ වැදුණු ආකාරයක් දැක ගත හැකි වූයේ නැහැ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...