Watch : 14 හැවිරිදි සූර්යවංශි මංගල IPL පන්දුවටම එල්ල කළ සුපිරි හයේ පහර මෙන්න

Date:

14 හැවිරිදි ඉන්දීය ක්‍රීඩක Vaibhav Suryavanshi මෙවර අයි.පී.එල් තරගාවලියේ 36 වැනි තරගයේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනා ගැනීමට සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීයි අයි.පී.එල් වරම් දිනා ගත්තේ.

එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කිරීමට Vaibhav Suryavanshi සමත් වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේදී ඔහු පන්දු 20 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 2 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 34 ක්.

ඔහු ඉතිහාසගත වුණේ අයි.පී.එල් වරම් දිනා ගත් ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථානයට කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි. ඒ අනුව තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...