ඩිවාල්ඩ් බ්‍රේවිස්ට හදිසියේම අයි.පී.එල් ගිවිසුමක්

Date:

දකුණු අප්‍රිකා පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් සමග චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායමේ ආබාධයකට ලක් වූ Gurjapneet Singh වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.

ඒ අනුව මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ඩිවාල්ඩ් බ්‍රේවිස් ඉන්දීය රුපියල් කෝටි 2.2 ක මුදලකටයි චෙන්නායි කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇත්තේ.

විස්සයි 20 තරග 81 ක් ක්‍රීඩා කර ඇතත්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග දෙකක් පමණක් ක්‍රීඩා කර ඇති බ්‍රේවිස් මීට පෙර 2022 හා 2024 තරගාවලියන්හීදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

බ්‍රේවිස් අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් වූ නමුත්, ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

Gurjapneet Singh වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2.2 ක මුදලකට අලෙවි වූ නමුත්, ඔහු මෙවර තරගාවලියේදී කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...