RCB පරදා පන්දුවාර 14 තරගයේ ජය පංජාබ් පිලට – ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

IPL තරගාවලියේ 34 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු පහක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

බැංගලූරුහීදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 14 කට සීමා කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිතිකරුවන් කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 95 ක් පමණයි.

ටිම් ඩේවිඩ් පන්දු 26 කින් නොදැවී ලකුණු 50 ක් හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින් වාර්තා කළා. නායක රාජත් පටිදර් ලකුණු 23 යි. වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං, මාර්කෝ යැන්සන්, යුස්වේන්ද්‍ර චෙහල් හා හර්ප්‍රීට් බ්‍රාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

නෙහාල් වදේරා පන්දු 19 කින් නොදැවී ලකුණු 33 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ජොෂ් හේසල්වුඩ් ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනට අනුව පංජාබ් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, බැංගලූරු පිල සිව්වැනි ස්ථානයේත් පසුවනවා. පළමු ස්ථානය තවමත් හිමිව ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමටයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...