පංජාබ් පිල 111 රැක ගනිමින් KKR පරදා වාර්තාගත ජයක් ලබයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 16 ක තියුණු හා වාර්තාගත ජයක් ලැබීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වුණා.

මුල්ලන්පූර්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 15.3 ක් පමණක් ක්‍රීඩා කරමින් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 111 ක් පමණයි.

කෙසේ වෙතත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිලේ සියලු දෙනා පන්දුවාර 15.1 ක් අවසානයේ ලකුණු 95කට සීමා කිරීමට පංජාබ් පන්දු යවන්නන්ට හැකි වුණා.

අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි ලකුණු 37 ක් ද, අජින්ක්යා රහානේ හා අන්ඩ්‍රි රසල් ලකුණු 17 බැගින් ද ලබා ගත්තා. රසල් අවසන් මොහොතේදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට උත්සාහයක නිරත වූ නමුත්, අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී යාමත් සමග තරගයේ ජය පංජාබ් පිල සතු වුණා.

මෙය අයි.පී.එල් ඉතිහාසයේදී පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමක් තරගයක් ජය ගැනීම සදහා ආරක්ෂා කර ගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.

පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 28 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මාර්කෝ යැන්සන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ ප්‍රබ්සිම්රන් සිං ලකුණු 30(15) ක් හා ප්‍රියන්ෂ් අර්යා ලකුණු 22(12) ක් රැස් කළා. ශශාන්ක් සිං ලකුණු 18 යි.

පන්දු යැවීමේදී හර්ෂිත් රානා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී හා සුනිල් නරායන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගයේ කොල්කටා ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී පංජාබ් ක්‍රීඩක Xavier Bartlett අතින් අතිරේක ලකුණු 4 ක් ප්‍රතිවාදීන්ට පරිත්‍යාග කිරීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී ඔහු හතරේ සීමාව ආසන්නයේ සිට පන්දුවක් රැක ගත් අතර, අනතුරුව ඔහු එය යළි පන්දු යවන අන්තයට හෝ පිතිකරණ අන්තයට භාර දීම සදහා පන්දුව විසි කිරීමට උත්සාහ දැරුවා.

නමුත්, අතින් ලිස්සා ගිය පන්දුව හතරේ සීමාව වෙත ඇදී යාම කැපී පෙනුණා. එම අවස්ථාවේදී එය හතරේ පහරක් ලෙස සැලකීමක් සිදු නොවූ අතර, ඔහු විසින් පන්දුව විසි කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී එය හතරේ සිමාව වෙත ඇදී ගිය බැවින් පිතිකරු දිව ගිය එක් ලකුණ ද සමග ලකුණු 5 ක් (overthrows ලෙස) පිතිකරණ කණ්ඩායමට ලබා දීමටයි කටයුතු කෙරුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...