අභිෂේක්ගේ 141(55) හමුවේ සන්රයිසස් පිලට වාර්තාගත ජයක්

Date:

IPL තරගාවලියේ 27 වැනි තරගයෙන් අනර්ඝ හඹා යාමක් සමග කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(12) සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය හයිදරාබාද්හීදී පැවැති අතර, පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 245 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ අභිෂේක් ෂර්මා වාර්තා කළ වාර්තාගත ලකුණු 141 න් ශක්තිමත් වෙමින්.

පන්දු 55 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 10 ක් හා හතරේ පහර 14 ක් ඇතුළත්. ඔහු වාර්තා කළ ලකුණු 141 අයි.පී.එල් ඉනිමක පිතිකරුවෙකු ලබා ගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ට්‍රැවිස් හෙඩ් ලකුණු 66(37) ක් රැස් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 171 ක්.

මෙම වාර්තාගත හඹා යාම ඉතිහාසයට එක් වුණේ අයි.පී.එල් තරගයක් ජය ගැනීම සදහා කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගිය දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් පිල වෙනුවෙන් ෂ්රෙයස් අයියර් පන්දු 36 කින් ලකුණු 82 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 6 බැගින් එල්ල කරමින්. මර්කස් ස්ටොයිනිස් පන්දු 11 කින් හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...