රෝයල්ස් පරදා ටයිටන්ස් පිලට ලකුණු 58 ක ජයක්

Date:

අයි.පී.එල් තරගාවලියේ 23 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පරදා ලකුණු 58 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා.

අහ්මදාබාද්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණූ 217 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් පිතිකරුවන්ට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් සායි සුදර්සන් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 82 ක් ලබා ගත්තේ පන්දු 53 කට මුහුණ දෙමින්.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ හා තුෂාර් දේශ්පන්ඩේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ශිම්රන් හෙට්මයර්. ඔහු ලකුණු 52(32) ක් රැස් කළ අතර, සංජු සැම්සන් ලකුණු 41 කට දැවී ගියා.

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 24 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...