Watch : ක්‍රීඩාංගනයෙන් ඉවතට යන්න සිරාජ්ට සෝල්ට් ගහපු සුපිරි හයේ පහර

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම දිගම හයේ පහර එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් අද(2) සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග බැංගලූරුහීදී ආරම්භ වූ 14 වැනි තරගයේදීයි ඔහු එම දැවැන්ත හයේ පහර එල්ල කළේ

මොහමඩ් සිරාජ්ට එරෙහිව ඔහු එල්ල කළ හයේ පහරේ දිග සටහන් වූයේ මීටර් 105 ක් ලෙසයි. එම අවස්ථාවේදී පන්දුව ක්‍රීඩාංගනයේ වහල මතට ඇදී යාම ද කැපී පෙනුණා.

මීට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් ද මෙවර තරගාවලියේදී මීටර් 105 ක දුරකින් යුත් හයේ පහරක් එල්ල කර තිබුණා.

මේ අතර, මීටර් 105 ක දැවැන්ත හයේ පහර එල්ල කිරීමෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම සෝල්ට් දැවී යාම ද කැපී පෙනුණා. සිරාජ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...