කොදෙව් නායකත්වයේ වෙනස්කම් දෙකක්

Date:

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් නායකත්වයට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු වෙනුවට පත් කරනු ලබන නව ටෙස්ට් නායකයා ඉදිරි සති කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට අමතරව එක්දින කණ්ඩායමේ නායක ෂේයි හෝප් එරට විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස ද පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දැරූ රොව්මන් පවෙල් වෙනුවටයි.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් 2017 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළදී ටෙස්ට් තරග 39 කදී කොදෙව්වන්ට නායකත්වය ලබා දුන් අතර, ඉන් තරග 10 ක් ජය ගැනීමට කොදෙව්වන් සමත් වුණා. පරාජයට පත් වූ තරග ගණන 22 ක්.

ඔහු කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත් කෙරුණේ 2021 වසරේදීයි.

මේ අතර, 2023 වසරේ මැයි මාසයේදී කොදෙව් විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු රොව්මන් පවෙල් සිය රටේදී ඉන්දියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල් පරාජයට පත් කරමින් තරගාවලි ජයග්‍රහන කොදෙව්වන්ට හිමි කර දීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...