තරග තහනමක් නිසා මුම්බායි ඉන්දියන්ස් නායකත්වයට අලුත් මුහුණක්

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේදී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම සූර්යකුමාර් යාදව්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක හර්ඩික් පාන්ඩ්යාට 2024 අයි.පී.එල් තරගාවලිය යටතේ මුම්බායි කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයෙන් අනතුරුව පැනවූ එක් තරගයක තහනම හේතුවෙන්.

“ඔහුට (හර්ඩික්) පළමු තරගය අහිමි වන බව අපට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා” යනුවෙන් මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන අද(19) මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග 2024 මැයි 17 වැනිදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර 20 යවා අවසන් කිරීමට මුම්බායි පිල අසමත් වී තිබුණා.

2024 තරගාවලියේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් නොකිරීමේ වරද මුම්බායි කණ්ඩායම විසින් සිදු කළ තෙවැනි අවස්ථාව එයයි.

ඒ අනුව එක් තරගයක තහනමක් සමග නායක හර්ඩික් පාන්ඩ්යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 102 ක් පමණ) දඩ මුදලක් ද නියම කිරීමටයි පියවර ගැණුනේ.

මෙවර තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව එළඹෙන 23 වැනිදා චෙන්නායිහීදී පැවැත්වීමට නියමිතයි.

පාන්ඩ්යාට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට ද මුම්බායි කණ්ඩායමේ පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු මුහුණ දී සිටින පිට කොන්ද ආශ්‍රිත ආබාධයෙන් තවමත් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින්. මෙම ආබාධය නිසා ජනවාරි මාසයේ සිට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුව ඇති අතර, ආබාධය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේදී තරග කිහිපයක්ම ඔහුට අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...