ICC Rankings : සැන්ට්නර් තීක්ෂණ ළගටම පැමිණෙයි

Date:

නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව නිමා වූ ශූරයින්ගේ කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ තවදුරටත් මහීෂ් තීක්ෂණ රැක ගැනීමට සමත්ව ඇත්තේ ශූරයින්ගේ කුසලානයට ද ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකළ පසුබිමකයි.

පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණීමට නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් සමත්ව තිබෙනවා.

තීක්ෂණට ශ්‍රේණිගත ලකුණු 680 ක් ද, සැන්ට්නර්ට ශ්‍රේණිගත ලකුණු 657 ක් ද හිමියි. කුල්දීප් යාදව් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. වනිදු හසරංගට හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයයි.

මේ අතර, ඉන්දියාවේ ෂුබ්මන් ගිල් පෙරමුණේ පසුවන එක්දින පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට රෝහිත් ෂර්මා සමත්ව තිබෙනවා.

චරිත් අසලංක එහි 9 වැනි ස්ථානයේ පසුවන අතර, පැතුම් නිස්සංක 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...