සංගාගේ සුපිරි ශතකයත් සමග ශ්‍රී ලංකා මාස්ටර්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

කුමාර් සංගක්කාර වාර්තා කළ නොදැවුණු ශතකය හමුවේ International Masters League ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

මෙම තරගයේ ප්‍රතිපලයත් සමග ශ්‍රී ලංකාව මූලික වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමිනුයි. ඒ, ක්‍රීඩා කළ තරග පහෙන් තරග 4 ක් ජය ගනිමින්. ඉන්දියාව ද ක්‍රීඩා කළ තරග පහෙන් තරග 4 ක් ජය ගත් අතර, ඔවුන්ට දෙවැනි ස්ථානය හිමිව තිබෙනවා.

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 106 ක් රැස් කළේ පන්දු 47 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 19 ක් සමගින්.

තරගය නිමා කිරීම සදහා ඔහු එල්ල කළ අලංකාර හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...