ශූරයින්ගේ කුසලානය ජය ගැනීමෙන් පසු රෝහිත් සිය අනාගතය ගැන ගත් තීරණය නිවේදනය කරයි

Date:

තමා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසනවා.

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සදහා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“මම කොහේවත් යන්නේ නැහැ.. මගේ විශ්‍රාම ගැනීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.” යනුවෙන් රෝහිත් කියා සිටියා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය ඉරිදා(9) නිමා වුණේ අවසන් මහා තරගයේදී නවසීලන්තයට එරෙහිව ඉන්දියාවට කඩුලු හතරක ජයක් හිමි කර දෙමින්.

මෙම තරගාවලියෙන් පසුව බොහෝ විට රෝහිත් ෂර්මා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දෙනු ඇති බවට විවිධ වාර්තා පලව තිබුණා.

රෝහිත් 2024 වසරේ පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා ද ඉන්දියාවට නායකත්වය ලබා දුන් අතර, එම තරගාවලියේ අවසන් තරගයෙන් පසුව ඔහු ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියට සමු දුන්නා.

කෙසේ වෙතත්, “මම කොහේවත් යන්නේ නැහැ, මේ තරග රටාවෙන් (එක්දින) විශ්‍රාම ගන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න ඕනෙ.” යනුවෙනුයි රෝහිත් ෂර්මා ශූරයින්ගේ කුසලානයෙන් පසුව සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...