මුම්බායි ඉන්දියන්ස් සංචිතයට වෙනසක්

Date:

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක Corbin Bosch සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

දණහිසේ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකා ක්‍රීඩක ලිසාද් විලියම්ස්ට 2025 අයි.පී.එල් තරගාවලිය අහිමි වීම හේතුවෙනුයි ඔහුව මෙලෙස සංචිතයට ආදේශ කර ඇත්තේ.

මෙම ආබාධය නිසා විලියම්ස්ට ජනවාරි මාසයේදී පැවැති SA20 තරගාවලිය ද අහිමි වුණා.

එම ආබාධයෙන් ඔහු මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බව සදහන්.

Bosch මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු ලෙස (net bowler) කටයුතු කර තිබූ අතර, 2022 වසරේදී ඔස්ට්‍රේලියවේ Nathan Coulter-Nile වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු සමග එම කණ්ඩායම ගිවිසුම්ගත වී තිබුණා. නමුත්, ඔහු මෙතෙක් අයි.පී.එල් වරම් දිනා ගෙන නැහැ.

මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට ද Bosch ආදේශ කර තිබුණේ ආබාධයකට ලක් වූ අන්රික් නොකියා වෙනුවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...