ඉන්දියාව තෙවැනි වරටත් ශූරයින්ගේ කුසලානයේ ශූරයින් වෙයි

Date:

තෙවැනි වරටත් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(09) සමත් වුණා.

ඒ, මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහීදී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

ඩැරල් මිචෙල් ලකුණු 63(101) ක් ලබා ගත් අතර, මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 53(40) යි. රචින් රවීන්ද්‍ර ලකුණු 37 කටත්, ග්ලේන් පිලිප්ස් ලකුණු 34 කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

නායක රෝහිත් ෂර්මා ලකුණු 76(83) ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 31(50) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 105 ක්. විරාත් කෝලි එක් ලකුණකට දැවී ගියා.

ෂ්රෙයස් අයියර් ලකුණූ 48 ක් හා අක්සාර් පටෙල් ලකුණු 29 ක් ලබා ගත්තා. කේ එල් රාහුල් නොදැවී ලකුණු 34 ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 18 යි.

පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...