තවත් නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Date:

නවසීලන්ත පිතිකාරිණී Lauren Down හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඇයගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඇය වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Izzy Sharp සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පළමු එක්දින තරගය පැවැති දිනයේ පෙරවරු කාලයේදී Lauren Down මෙම ආබාධයට ලක්ව තිබූ අතර, පළමු එක්දින තරගයට ද ඇයට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

Lauren Down සංචිතයට ආදේශ කර තිබුණේ ද ආබාධයකට ලක් වූ Bella James වෙනුවටයි.

Sophie Devine (විවේකයක්), Molly Penfold (ආබාධ) හා Hayley Jensen (ආබාධ) යන ක්‍රීඩිකාවන් ද මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

එමෙන්ම Amelia Kerr ද ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් ඉවත් වුණා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි තරගය හෙට(7) නෙල්සන්හීදී පැවැත්වීමට නියමිතයි.

New Zealand Women’s ODI squad :

Suzie Bates (c), Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Bree Illing, Polly Inglis, Fran Jonas, Jess Kerr, Emma McLeod, Georgia Plimmer, Hannah Rowe, Izzy Sharp, Emma Black (game 3 only)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...