ශ්‍රී ලංකාවේදී තුන්කොත් එක්දින ක්‍රිකට් තරගාවලියක් – කාලසටහන මෙන්න

Date:

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක් අප්‍රේල් හා මැයි මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අප්‍රේල් 27 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරගයත් සමග මෙම තරගාවලිය ආරම්භ වන අතර, අවසන් මහා තරගය මැයි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අතරයි අවසන් තරගය පැවැත්වෙන්නේ.

සියලු තරග දිවා තරග ලෙස පැවැත්වෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරග කාලසටහන –

  • 27th April – Sri Lanka vs India
  • 29th April – India vs South Africa
  • 1st May – Sri Lanka vs South Africa
  • 4th May – Sri Lanka vs India
  • 6th May – South Africa vs India
  • 8th May – Sri Lanka vs South Africa
  • 11th May – Finals

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...