ආබාධයක් නිසා සන්රයිසස් සංචිතයට වෙනසක්

Date:

ආබාධයකට ලක් වීම හේතුවෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස්ට 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් සංචිතයට ආදේශ කිරීමටයි සන්රයිසස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ. ඒ, ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී සන්රයිසස් කණ්ඩායම විසින් බ්‍රයිඩන් කාර්ස් මිලදී ගත්තේ ඔහුගේ මූලික වටිනාකම වූ ඉන්දීය රුපියල් කෝටියක මුදලටයි.

ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම සිදු කළ ඉන්දීය තරග සංචාරයේදී ඔහු වම් පාදයේ ඇගිල්ලක ආබාධයකට ලක් වුණා.

ශූරයින්ගේ කුසලාන තරගාවලිය යටතේ එංගලන්තය ක්‍රීඩා කළ පළමු තරගයේදී ඔහුගේ ආබාධය උත්සන්න වූ අතර, ඒ අනුව ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...