අසේලගේ හා චින්තකගේ අර්ධ ශතක ශ්‍රී ලංකා මාස්ටර්ස් පිලට ජය ගෙනෙයි

Date:

International Masters League ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් අද(26) ඔවුන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

නවි මුම්බායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා මාස්ටර්ස් පිල කඩුලු හයක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

හෂීම් අම්ලා පන්දු 53 කින් ලකුණු 76 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන ලකුණු 44 කට කඩුලු දෙකක් ද, චතුරංග ද සිල්වා ලකුණූ 28 කට කඩුලු දෙකක් ද බිද හෙලුවා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී පහසුවෙන්ම ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

අසේල් ගුණරත්න නොදැවී ලකුණු 59(පන්දු 33) ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්. චින්තක ජයසිංහ නොදැවී ලකුණු 51යි. පන්දු 25 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ 2 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

උපුල් තරංග ලකුණු 29 කටත්, කුමාර් සංගක්කාර ලකුණු 16 කටත්, ලහිරු තිරිමාන්න ලකුණු 13 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී Thandi Tshabalala ලකුණු 32 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...