විනය විරෝධීව හැසිරුණු පාන්ඩ්යාට සහ මොරිස්ට දඩුවම්

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්ට දඩුවම් නියම කර තිබෙනවා.

ඒ, ඊයේ(28) කණ්ඩායම් දෙක අතර පැවැති අයි.පී.එල් තරගයේ දී ඔවුන් දෙදෙනා IPL විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

මුම්බායි ඉනිමේ 19 වන පන්දුවාරයේ දී හර්ඩික් පාන්ඩ්යා විසින් ක්‍රිස් මොරිස් යොමු කළ පන්දුවකට හයේ පහරක් එල්ල කළ අතර, ඉන් පසුව යැවූ පන්දුවට ඔහු දැවී ගියා.

එම අවස්ථා දෙකේදී ම ක්‍රීඩකයින් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වනු දක්නට ලැබුණා.

ක්‍රීඩකයින් දෙදෙනා විසින් ඔවුන්ට එල්ල වූ චෝදනා පිළිගෙන ඇති බව අතර, ඒ අනුව තරග තීරකවරයා විසින් ඔවුන් දෙදෙනාට දඩුවම් නියම කර ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...