ඉන්දියාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිත ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට එක්දින සහ 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන ඔස්ට්‍රේලියානු සංචිත අද ප්‍රකාශයට පත් කෙරුණා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ජාතික සංචිතය සදහා පළමු වරට 21 හැවිරිදි කැමරන් ග්‍රීන් නම් කර තිබීම විශේෂත්වයක්.

මොයිසස් හෙන්රික්ස් සීමිත පන්දුවාර සංචිතයේ ස්ථානය හිමි කර ගෙන ඇති අතර, ආබාධයකට ලක් වූ මිචෙල් මාෂ් ඊට නම් කර නැහැ.

නෙදන් ලියෝන්, ජොෂ් පිලිපී සහ ඇන්ඩෘ ටයි යන ක්‍රීඩකයින්ට ද සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු සංචිතය –

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Pat Cummins (vc), Cameron Green, Josh Hazlewood, Moises Henriques, Marnus Labuschagne, Glenn Maxwell, Daniel Sams, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...