රචින්ගේ ශතකය හමුවේ නවසීලන්තය හා ඉන්දියාව අවසන් පූර්ව වටයට – පාකිස්තානය ඉවතට

Date:

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසි වීමට සත්කාරක පාකිස්තානයට හා බංග්ලාදේශයට අද(24) සිදු වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ඒ, තරගාවලියේ හය වැනි තරගයෙන් නවසීලන්තය හමුවේ බංග්ලාදේශය ලැබූ කඩුලු 5 ක පරාජයත් සමගයි.

ඒ අනුව A කාණ්ඩ‍යෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා නවසීලන්තය මේ වන විට සමත්ව සිටිනවා.

රාවල්පින්ඩිහීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 236 ක් ලබා ගත්තා.

නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 77 ක් රැස් කළ අතර, ජේකර් අලී ලකුණු 45 යි. පන්දු යැවීමේදී මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 46.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

විල් යන්ග් ලකුණු නොලබාත්, කේන් විලියම්සන් ලකුණු 5කටත් දැවී ගිය නමුත්, රචින් රවීන්ද්‍ර ලකුණු 112 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කළා. පන්දු 105 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

ටොම් ලේතම් ලකුණු 55 ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 30 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...