කෝලිගේ 51 වැනි ශතකය හමුවේ ඉන්දියාවට කඩුලු හයක ජයක් – පාකිස්තානය ඉවතට විසි වීමේ දැඩි අවධානමක

Date:

විරාත් කෝලි වාර්තා කළ සිය 51 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය හමුවේ මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද(23) සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයෙන් ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඉතා ඉහළ අවස්ථාවක් උදා වී ඇති අතර, තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තානයට මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමේ දැඩි අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් අනෙකුත් තරග ප්‍රතිපල ඔවුන්ට වාසිදායක අයුරින් නිමා විය යුතුයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 42.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. (244/4)

විරාත් කෝලි නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 111 කින් හතරේ පහර 7 ක් ද සමගින්. ඔහු මෙම ඉනිම අතරතුර සිය එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ද පසු කිරීම කැපී පෙනුණා. එම කඩඉම අවම ඉනිම (287) සංඛ්‍යාවකින් පසු කළ පිතිකරු ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

ෂ්රෙයස් අයියර් ලකුණු 56 ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 46 ක් ලබා ගනිමින් ඉන්දීය හඹා යාම ශක්තිමත් කළා. පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 74 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් සවුද් ශකීල් ලකුණු 62 ක් හා නායක මොහමඩ් රිස්වාන් ලකුණු 46 ක් රැස් කළා. කුෂ්දිල් ශාහ් ලකුණු 38යි.

ඔවුන් එක් අවස්ථාවක කඩුලු දෙකක් දැවී ලකුණු 151 ක් ලබා සිටි අතර, ඒ අනුව අවසන් කඩුලු 8 දැවී ගියේ ලකුණු 90 ක් තුළයි.

පන්දු යැවීමේදී කුල්දීප් යාදව් ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 31 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...