Watch : ශූරයින්ගේ කුසලානයේ පළමු තරගයේදීම පිලිප්ස් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් අද(19) සමත් වුණා.

පාකිස්තානයට එරෙහි තරගයේ පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස මොහමඩ් රිස්වාන් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

කරච්චිහීදී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 320 ක් ලබා ගත්තා.
පිළිතුරු පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක රිස්වාන් රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

විල් ඕරෝක් යොමු කළ පන්දුවකට ඔහු එල්ල කළ පහරකින් පසුව පන්දුව ඉහළින් backward point කලාපය කරා වේගයෙන් ඇදී ගිය අතර, එහිදී තනි අතකින් එම පන්දුව උඩ පන්දුවක් ලෙස දක්ෂ ලෙස රැක ගැනීමට පිලිප්ස්ට හැකි වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...