චමරි අතපත්තු WPL තරගාවලිය අතරමැද අත්හරියි

Date:

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මාර්තු 4 වැනිදා සිට ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සදහා ඇය එක්වීමට නියමිතව ඇති බැවින්.

WPL තරගාවලියේදී චමරි UP Warriorz කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර මෙවර තරගාවලියේදී එම කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ එකම තරගය වෙනුවෙන් ඇය ක්‍රීඩා කළේ නැහැ.

ආබාධයක් හේතුවෙන් UP Warriorz කණ්ඩායමේ නිත්‍ය නායිකා Alyssa Healy ද මෙවර තරගාවලියෙන් ඉවත් වුණා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ චමරි අතපත්තු පෙබරවාරි 26 වැනිදා දක්වා WPL තරගාවලියට එක්ව සිටිනු ඇති බවයි.

එළඹෙන 26 වැනිදා දක්වා වන කාලයේදී UP Warriorz කණ්ඩායම තවත් තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 26 වැනිදායින් පසුව එම කණ්ඩායම තවත් තරග 3ක් මූලික වටයේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එළඹෙන 22 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

WPL තරගාවලියට ක්‍රීඩා කරන එකම නවසීලන්ත ක්‍රීඩිකාව වන්නේ Amelia Kerr පමණයි. කෙසේ වෙතත්, ඇය ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය වෙනුවට WPL තරගාවලියට ක්‍රීඩා කිරීමටයි තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...