IML T20 : සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Sri Lanka Masters සංචිතය නිවේදනය කෙරේ

Date:

International Masters League ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Sri Lanka Masters සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය පෙබරවාරි 22 වැනිදා සිට මාර්තු 16 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය India Masters හා Sri Lanka Masters කණ්ඩායම් අතර එළඹෙන 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Sri Lanka Masters කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා South Africa Masters කණ්ඩායමට එරෙහිවත්, තෙවැනි තරගය එළඹෙන 28 වැනිදා Australia Masters කණ්ඩායමට එරෙහිවත්, සිව්වැනි තරගය ලබන 6 වැනිදා West Indies Masters කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මූලික වටයේදී Sri Lanka Masters කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ England Masters කණ්ඩායමට එරෙහිවයි.

අවසන් පූර්ව තරග මර්තු 12 හා 14 යන දිනවලදී පැවැත්වෙනවා.

Sri Lanka Masters සංචිතය –

  1. කුමාර් සංගක්කාර
  2. රොමේෂ් කලුවිතාරන
  3. අශාන් ප්‍රියන්ජන්
  4. උපුල් තරංග
  5. නුවන් ප්‍රදීප්
  6. ලහිරු තිරිමාන්න
  7. චින්තක ජයසිංහ
  8. සීක්කුගේ ප්‍රසන්න
  9. ජීවන් මෙන්ඩිස්
  10. ඉසුරු උදාන
  11. ධම්මික ප්‍රසාද්
  12. සුරංග ලක්මාල්
  13. දිල්රුවන් පෙරේරා
  14. අසේල ගුණරත්න
  15. චතුරංග ද සිල්වා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...