බෙන් සියර්ස්ට ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස්ට පාදයක ආබාධයක් හේතුවෙන් එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටි අතර, පසුගිය බදාදා දිනයේදීයි පුහුණුවීම් අතරතුර ඔහුගේ වම් පාදයේ ආබාධයක් හට ගෙන ඇත්තේ.

අනතුරුව සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට සිදු වන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තුන්කොන් තරගාවලිය යටතේ නවසීලන්තය ක්‍රීඩා කළ මූලික වටයේ තරග දෙක සදහාම බෙන් සියර්ස් ක්‍රීඩා කළා. කෙසේ වෙතත්, එම තරග දෙකේදීම පන්දුවාර 16 ක් යොමු කළ නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

තුන්කොන් තරගාවලියට ද එක්ව සිටින ජේකබ් ඩෆී ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් වන නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...